පළාත් අතර සංචරණ සීමා තවත් දැඩි වෙයි

194

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට රජය විසින් පියවර ගනු ලැබුවා.

ඒ මේ වන විට දිවයින පුරා පාලනයකින් තොරව පැතිර යන කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණෙන්.

මේ අනුව පළාත් සීමා මායිම්වල පොලිස් මුර කපොලු තර කෙරෙන අතර පොලිසියේ සහාය සඳහා යුද හමුදාව,ගුවන් හමුදාව සහ නාවික හමුදාවත් යෙදවීමට තීරණය කෙරුණා.

නව නීතිරීති අනුව පළාත් අතර සංචරණය සිදුකර හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරතවන කාර්ය ය මණ්ඩලවලට පමණයි.

කෙසේ වෙතත් මෙම අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල ද අවශ්‍යතාව අනුව පරීක්ෂාවට ලක් කිරීමට පොලීසියට උපදෙස් ලැබී තිබෙනවා.

නව සංචරණ නීති තර කිරීමත් සමඟ පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට ද වාරණ පනවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

මෙම නීතිරීති උල්ලංඝනය කරමින් පොදු ප්‍රවාහනයන්හි නිරතවන රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.