පළමු ඡන්දය ප්‍රතිඵලය හෙට මධ්‍යහ්න 12ට පෙර – අවසන් ප්‍රථිඵලය මධ්‍යම රාත්‍රියට පෙර.

167

මෙවර මහ මැතිවරණයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66කදී ඡන්දය ගණන් කිරීම හෙට පෙරවරු 7 ත් 8 ත් අතර කාලයේදී ආරම්භ වීමට නියමිතයි.

පළමු තැපැල් ඡන්ද ප්‍රථිඵලය හෙට දහවල් 12න් පසුවද ආසන මට්ටමේ පළමු නිල ඡන්ද ප්‍රථිඵලය හෙට පස්වරුවේද ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ.

අවසන් ඡන්ද ප්‍රථිඵලය හෙට මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරා.

මනාප ප්‍රථිඵල ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කර අවසන් කිරීමට හැකියාවක් ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.

මෙරට ඉතිහාසයේ දීර්ඝතම මැතිවරණ ප්‍රචාරණ කාලයක් හිමිවූ මහ මැතිවරණය ලෙසටයි මෙවර මහ මැතිවරණය සැළකෙන්නේ.

2020 මහ මැතිවරණයේ වියදම ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් තක්සේරු කර ඇති මුදල රුපියල් කෝටි 1000 ක්.

කොරෝනා අවධානම හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවයි.