පහන්තුඩාව ඇල්ල අසල සිදුකළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹේ .

265

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වෙන සුන්දර දිය ඇල්ලක් අසල තරුණ යුවලක් නිරුවතින් අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම නි’රුවත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්දැයි සොයා ගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමු වී ඇති බවයි.

සමාජ මාධ්‍ය ජාලා අතර සංසරණය වන මෙම නිරුවත් වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් වෙතින් දැඩි විරෝධයක් මේ වන විට එල්ල වෙමින් පවතිනවා.

මෙම තරුණ යුවල නි’රුවතින් අඹුසැමියන් ලෙස හැසිරෙන දර්ශන රූගත කරන්නේ බලංගොඩ බෙලිහුල් ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසල දී බව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතිනවා.

ඒ අනුව මෙම පහන්තුඩාව දියඇල්ල පිහිටි ප්‍රදේශය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බව කියන අතර මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඩී.ටී වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳව තමන්වද දැනුවත් කර ඇති බවයි.

මුලින්ම දියඇල්ල කුමක්ද සොයා ගැනීමට විමර්ශන සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළා.එමෙන්ම මෙම වීඩියෝපට හා නිරුවත් ඡායාරූප කාන්තාවක් සතු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයට යොමු කර ඇති බැව් දිස්වෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව නිරුවතින් මෙලෙස පොදු ස්ථානයක අඹුසැමියන් ලෙස හැසිරෙන මෙම තරුණ යුවළ සොයා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුවද පළමුවෙන්ම දර්ශන ඇතුළත් ප්‍රදේශයේ දියඇල්ල හා ඊට පෙනී සිටින යුවල හඳුනාගත යුතුව ඇතැයිද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළා.

කෙසේ වෙතත් ඇතමුන් පවසන්නේ බෙලිහුල්ඔයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල දර්ශනය වූ ද දේශීය හා වාදේශීය සංචාරකටන්ගේ සිත් සතන් පහන් කරනා වුවද ස්ථානයක් බවයි.

එමෙන්ම දිවයිනේ බොහොමයක් ස්වාමීන් වහන්සේ නිතරම මෙම ස්ථානයට වැඩම කරන බවත් වැඩිහිටියන් හා දූ දරුවන්ගේ මෙන්ම බාල මහලු අයගේ ආකර්ෂණය දිනාගත් මෙම දියඇල්ල මෙවන් ක්‍රියාවකට යොදාගත් මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ප්‍රදේශවාසීන් මෙන්ම සමාජ ජාලා ක්‍රියාකාරීන්ද පොලිසියෙන් මෙන්ම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාද මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර තිබෙනවා.

(උපුටා ගැනීම : මව්බිම පුවත්පත)