BREAKING NEWS
Search

පවිත්‍රා චීන එන්නතට විරුද්ධ වූ විශේෂඥ වෛද්‍යවරයා කමිටුවෙන් පන්නා දමයි

490

නිෂ්පාදන සමාගමෙන් ඉල්ලා සිටි තොරතුරු ලැබෙන තුරු,චීනයෙන් තෑගි ලැබුනු සිනොෆාම් එන්නත,මෙරට වැසියන්ට ලබා දීමට නිර්දේශ කළ නොහැකි බව දැඩිව පවසා සිටි විශේෂඥ වෛද්‍යවරයෙකු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කර ඇති බව ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරිය,ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කර ඇත්තේ,ළමාරෝග විශේෂඥ,වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු නම් අයයි.

ඔහු,මෙරට ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය නියෝජනය කරමින් ඖෂධ නියාමන අධිකාරියට පත් කර සිටි සාමාජිකයා බව පැවසේ.

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා,ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙකු වනවාට අමතරව,ඖෂධ නියාමන අධිකාරිය මගින්,සිනෝෆාම් එන්නත මෙරට පුරවැසියන් සදහා ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට පත් කර තිබූ විශේඥ කමිටුවේ ද සාමාජිකයෙකි.

විශේෂඥ කමිටුවේ සාමාජිකයෙකු ලෙස,ඔහුගේ දැඩි ස්ථාවරය වී ඇත්තේ,චීනයෙන් ගෙන්වන ලද එන්නත මෙරට පුරවැසියන් සදහා ලබා දීම අනතුරුදායක බවයි.

චීන සිනෝෆාම් එන්නත සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුකාරී තත්ත්වය මත,මාර්තු මාසයේ 08 වන දා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයන් සිව් දෙනෙකු ඉවත් කර තිබුණු අතර,ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වන,වෛද්‍ය අසිත ද සිල්වා මහතා ද ඉල්ලා අස් වී තිබුණි

මුලාශ්‍ර mawrata News