පරිසර දිනය සැමරූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

162

ජගත් පරිසර දිනය අදට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙවර පරිසර දිනයට මුහුණ දෙන්නේ පාරිසරික අභියෝග රැසක් මධ්‍යයේයි.

මෙවර පරිසර දිනය වෙනුවෙන් අද සහ හෙට දින දෙකෙහි සියලු නිවාස සහ ගෙවතු මදුරුවන්ගෙන් තොර ස්ථාන බවට පත් කිරීම සඳහා කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

පරිසරයට පැය 48 ක් යන තේමාවෙන් එම වැඩසටහන ක්‍රියාත්මකයි.

කොරෝනා අර්බුදය හමුවේ පවතින කාලගුණ තත්ත්වයත් සමඟ ඉදිරියේදී ඩෙංගු අවදානම ඉහළ යාමේ ගැටලුවක් ද පවතින බව පරිසර අමාත්‍යාංශයේ අදහසයි.

මේ අතර අදට යෙදී ඇති,ජගත් පරිසර දිනයට අදාළව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැළයක් සිටුවන ඡායාරූපයක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම වෙත එක් කර තිබුණා.