පන්දුව ඔපදැමීමේ නීති ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ අප්‍රසාදය….!

249

රිකට් ක්‍රීඩාව නැවත ඇරඹීමේ ක්‍රියාවලිය තරග නරඹන්නන්ගෙන් හුදකලා කිරීම, ක්‍රීඩකයන් නිරෝධායනයට ලක් කිරීම වැනි කටයුතු සිදු කරමින් ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන නිසාවෙන් පන්දු ඔපදැමීමේ දී ඛේටය භාවිතා කිරීම පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැති බව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ශෝන් පොලොක් පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස ඛේටය මගින් පන්දුව ඔප දැමීම තහනම් කරමින් පන්දුව ඔප දැමීමට දහඩිය පමණක් යොදා ගන්නා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව මගින් පන්දු යවන්නන්ට උපදෙස් දී තිබුණු අතර මෙම තීරණය මගින් පන්දු යවන්නන්ට අපහසුතාවයකට මුහුණ පෑමට සිදු වන බව පවසමින් බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය.

එය පිළිබඳව අදහස් දක්වමින් හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ශෝන් පොලොක් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන් සියලූම දෙනාට රෝගය නොමැති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව තරගය පැවැත්වෙන බැවින් පන්දුව ඔපදමන ආකාරය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්විය යුතු බවයි

“ක්‍රීඩකයන් සති දෙකක කාලයක් මුළුල්ලේ පරික්ෂාවට ලක් කරමින් එම කාලය ඇතුළත ඔවුන්ගේ ශරීරයේ වෙනස්වීම් පවා නිරීක්ෂණය කරනවා. ඒ මගින් සියලූම ක්‍රීඩකයින් සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරගන්න පුළුවන්.

ඒ කාලය තුළ දී ක්‍රීඩකයන්ට රෝග ලක්ෂණ හෝ රෝගී තත්වයක් නොමැති නම් පන්දුව ඔප දැමීම පිළිබඳව එතරම් සිතන්නට දෙයක් නැහැ, ක්‍රීඩකයන් සම්පූර්ණයෙන් ආරක්ෂිත වටපිටාවකට සිටීමේ දී වයිරසය ව්‍යාප්ත වීමට ඉඩක් නැති නිසා සාමාන්‍ය ක්‍රියාකාරකම් ඒ විදියටම කරගෙන යන්න පුළුවන්.”