ජයේ නිල නිවාස භාර නොදුන්, හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් 22 දෙදෙනකුට එරෙහිව ලබන 11 වැනිදායෙන් පසු නඩු පැවැරීමට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම් වනවා.
මෙම නඩු පැවැරීම මාර්තු 6 වැනිදා සිදු කිරීමට නියමිතව තිබුණත් එය නොහැකි වූ බව අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
රවුෆ් හකීම්, චන්ද්‍රානි බණ්ඩාර, එච්.එම්. ගුණසේකර, දුනේෂ් ගන්කන්ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමීර් අලී, ජේ.ඩී. අලවතුවල, අශෝක අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, එම්. කාරීස්, ෆයිසාල් කාසිම්, සෙල්වම් අඩෙක්කනාදන්, රවින්ද්‍ර සමරවීර, ඒ.එල්.එම්. හලීම්, ෆයිසර් මුස්තාපා, චන්දිම වීරක්කොඩි, දුලිප් විජේසේකර, ටී.බී. ඒකනායක, ජගත් පුෂ්පකුමාර සහ එල්.එම්.ඒ. හිස්බුල්ලා එම පිරිසට අයත් බව අමාත්‍යාංශ වාර්තාවල සඳහන්.