නිලි මුතු තරංගා හා සෙනේශ් ඔවුනගෙ කැදැල්ලට එකතුවුනු පුංචි පුතු (Photos)

10363

අපේ කළා ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන කවුරුත් ආදරය කරන ආදරණීය අවිහිංසක රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි මුතූ තරංගා කියලා කියන්නේ. කාලයක් රූපවාහිනී තිරය ඔස්සේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක් විදිහටත් ඇයව හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඇයගේ රංගන චාරිකාවට දොරටුව විවර උනේ සෙනේෂ් බණ්ඩාර අධ්‍යක්ෂණය කල පලිගු ප්‍රසාද ටෙලිනාට්‍යය හරහායි. ඉන් පසු ඇය විවිධ චරිත රැසක් හරහා ප්‍රේක්ෂකයන් අතරට ආවා.

ඉතින් ඒ වගේම මේ දක්ෂ රංගන ශිල්පිනියගේ ආදරණීය කැදැල්ල ගැන අපි නිතරම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. ඉතින් ඒ වගේම තමයි ඇය පහුගිය දවසක හා හා පුරා කියලා උතුම් මව් පදවියත් ලැබුවා. කොහොම නමුත් ඔවුන්ගේ ආදරණීය සුන්දර කැදැල්ල තව තවත් සුන්දර කරමින් ඔවුන් අතරට එකතු වුණේ පුංචිම පුංචි පුතු පැටියෙක්.

ඉතින් මේ පුංචි පුතාට මේ වනවිට මාසයක් සම්පුර්ණ වෙනවා. ඉතින් ඒ ගැන සදහන් කරමින් මුතූ තරංගා පුංචි පැටියාගේ ඡායාරූප කිහිපයක්ම ඇයගේ සමාජ මාධ්‍යජාලා ගිණුම්වලට එකතු කරමින් මෙන්න මේ වගේ ආදරණීය සෙනෙහෙබර සදහනක් තබා තිබෙනවා දැක ගන්න ලැබුනා. අපේ ජීවිතේ වෙනස් කරපු , අපේ ජීවිතේට සතුට ගෙනාපු, අපි දෙන්නා අම්මා තාත්තා කරපු මගේ රත්තරන් පුතාට අදට මාසයක් වෙනවා.

බුදුසරණයි මගේ රත්තරන් පැටියට. අපේ වාසනාවට ලැබුණු හොද ඩොක්ටර් කෙනෙක් සුධීර එන්. උඩුවෙල. Thank you very much doctor කියලයි මුතු තරංගා ඒ විදිහට සදහන් කරලා තිබුණේ. ඉතින් අද දිනයට මාසයක් සම්පුර්ණවන මේ පුංචි පුතු පැටියටත් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ට හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

උපුටාගැනීම – කොටුව පත්තරේ

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.