නිරෝධායන නීති නොතකා පාසැල් බස්වල පොල් පටවයි..

203

නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් බස් නැවතුම්පොලේ සිට පාසල් ළමුන් ප්‍රවාහනය කල ලංගම සහ පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

හැටන් බස් නැවතුම්පොලේ සිට කෙටි දුර ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථවල නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් වැඩි මුදලක් අය කර ආසන ගණනට වඩා ඇතැම් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මගින් රැගෙන යන බවට හැටන් දික්ඔය නගර සභාව වෙත ලද පැමිණිල්ලක් මත හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා (18) දින පස්වරුවේ පාසල් නිම විමෙන් අනතුරුව හැටන් තලවකැලේ මාර්ගයේ ධාවනය වු ලංගම සහ පෞද්ගලික බස් රථ හදිසි පරික්ෂාවකට ලක් කරනු ලැබුහ.

පරික්ෂාවට ලක් කල බස් රථවල රියදුරු සහ කොන්දොස්තරවරුන් මුඛ ආවරණයද නිසි ලෙස නොපැලද ආසන ගණනට වඩා මගින් සහ පාසල් ළමුන් රැගෙන ආකාරයට නිරික්ෂණය විය.

එම බස් රථවල ගමන් ගත් ඇතැම් පාසල් සිසුවියන් සහ මගින්ද මුඛ ආවරණ නොපැලද සිටින අයුරුද නිරික්ෂණය විය.

– හැටන් රංජිත් රාජපක්ෂ