නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙනඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
එළඹෙන උත්සව සමය තුළදී ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා සඳහන් කරයි.
නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,”හිටගෙන මගීන් ප්‍රවාහනය කෙරුවොත් රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් අත්අඩංගුවට අරගෙන නීති මගින් කටයුතු කරන්න වෙනවා.ප්‍රවාහන අධිකාරියත් එක්ක කතා කරලා, ඒ වෙනුවට ඒ අයට හැකියාව තියෙනවා බස් රථ ප්‍රමාණය වැඩිකර ගන්න.බස් හිමියෙක් ගාව බස්රථ දෙක තුනක් තියෙනවා නම් මේ කාලෙදි අතිරේක ගමන්වාර සාකච්ඡා කරලා යොදා ගැනීමේ හැකියාව තියෙනවා,” යනුවෙන් ද පැවසීය.