BREAKING NEWS
Search

නිරෝධානයට දැමූ දොස්තර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කර බෙහෙත් දෙයි..

219

නාවලපිටිය නව කුරුදුවත්ත සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයක් වසා දැමිමට නාවලපිටිය නවකුරුදුවත්ත මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (21) දින කටයුතු කලහ.

පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යයවරයෙකු බවත්,එම වෛද්‍යවරයා නාවලපිටිය පල්ලේගම කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටින අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු වවන බවයි නාවලපිටිය නව කුරුදු වත්ත සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක තුෂාර මහතා කියා සිටියේ.

අදාල වෛද්‍යවරයාට ස්වයං නිරෝධානයට යොමු වන ලෙසට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ලබාදුන් උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් වෛද්‍යවරයා ඔහුගේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානය (21)දින විවෘත කර රෝගින් පරික්ෂා කර ඖෂධ නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

විවෘත කර තිබු පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානය වසා දමා එම වෛද්‍යවරයා තවදුරටත් ස්වයං නිරෝධනයේ යෙදෙන ලෙසට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ආශ්‍රිත වෛද්‍යවරයාට උපදෙස් ලබාදුන්හ.

– හැටන් රංජිත් රාජපක්ෂ