නිරුවත විකුණන අය පසුපස යන පොලිසිය

392

වෙබ් අඩවිවලට අමතරව සමාජ ජාල සහ පණිවුඩ සේවා යොදා ගනිමින් ද ලි ංගික කටයුතු සඳහා කාන්තාවන් අලෙවි කිරීම සිදු වන බව හඳුනා ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ අජිත් රෝහණ මහතා BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් “ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු,ගිණුම්,ගෲප්,වට්ස්ඇප් ගෲප් ඔස්සේත් මේ කටයුතු සිදු වෙන බව වාර්තා වෙනවා,” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ඔහු ඒ බව සඳහන් කළේ ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීම සඳහා අන්තර්ජාලය යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි.

කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවලට අමතරව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු,ගිණුම්,ගෲප්,වට්ස්ඇප් ගෲප් ඔස්සේ නිරුවත් ඡායරූප,අ සභ්‍ය වීඩියෝ දර්ශන,නිල් චිත්‍රපටි හුවමාරු කර ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කර තිබුණා.

අන්තර්ජාලය තුළ සැරිසරමින් අපරාධකරුවන් හඹා යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් පරිගණක අපරාධ ඒකකය,පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID),ළමා හා කාන්තා කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

(BBC සිංහල ඇසුරිනි )