BREAKING NEWS
Search

නිදහස් වෙළඳ කලාපයටත් ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු වූ හැටි

611

සිඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වන ඉන්දියානු ‘ඩෙල්ටා’’ කොවිඞ් ප‍්‍රභේදය ආසාදනය වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හල් සේවිකාවක ඇතුළු 14 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට හෙළිකරගෙන තිබෙනවා.

මෙම ‘ඩෙල්ටා’’ කොවිඞ් ආසාදිතයන් කොළඹ ගාල්ල මාතර ති‍්‍රකුණාමලය යන දිස්ත‍්‍රික්ක වලින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ පළමු වතාවට කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලූම් කම්හලක සේවය කරන කාන්තාවකට කොවිඞ් වෛරසයේ ඉන්දියානු ඩෙල්ටා’’ ප‍්‍රභේදය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කරන බව දිනපතා පළවන පුවත්පතකට සඳහන් කරනවා.

රත්ගම පන්විල පදිංචි 33 හැවිරිදි මෙම කාන්තාව අසනීප තත්ත්වයක් නිසා ඉකුත් 22 වැනිදා ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත්වීමට ගිය අවස්ථාවේ කරන ලද පි සි ආර් පරීක්‍ෂණයේදී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීම නිසා හබරාදුව මීපේ රෝහලේ නිරෝධායන ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇයගේ සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිසාලයේ රසායනාගාරය වෙත යවා තිබෙනවා.

එහි වාර්තාව පෙරේදා(03) ලැබී ඇති අතර ඇයට ඉන්දියානු ඩෙල්ටා ප‍්‍රභේදය වැළඳී ඇති බවට එම වාර්තාවෙන් තහවුරු වී තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසනවා.

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි තනුජා ජයතුංග මහත්මිය පවසා තිබෙන්නේ මේ වනවිටත් ඇයගේ නිවසේ සියලූදෙනාම නිරෝධායනයට යොමුකර සිටින බවත් ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසන්වූ පසු යළි පි සි ආර් පරීක්‍ෂණයකට යොමු කරන බවත් එම ප‍්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සියලූ පියවර ගෙන තිබෙන බවත්ය.

හබරාදුව සෞඛ්‍ය වෛස නිලධාරි ප‍්‍රමෝද් සිරිවර්ධන මහතා මේ සම්බන්ධයෙන් කියා තිබෙන්නේ කම්හලේ ඇයගේ පළමුපෙළ ආශ‍්‍රිතයන්ට පි සි ආර් පරීක්‍ෂණ සිදුකරනු ලබන අතර මේවනවිට වෙළෙඳ කලාපයේ බොහෝ දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවත් එයට අමතරව මෙම අවස්ථාවේ ක‍්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලූම කම්හල්වලට උපදෙස් මාලාවක් ලබාදී ඇතැයිද ඔහු සඳහන් කර සිටිනවා.

‘ඩෙල්ටා’ කොවිඞ් ප‍්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ දිවයින පුරා කොවිඞ් රෝගීන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 140ක් පරීක්‍ෂා කිරීමෙන් පසුවයි.

කොළඹ නගර සභා සීමාවල කොලොන්නාවල අංගොඩ යන ප‍්‍රදේශවලින්ද ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ