BREAKING NEWS
Search

නැවේ ගින්නෙන් වැනසුණු වෙරළ පැවැති තත්ත්වයටම ගෙනෙයි

220

‘එක්ස්ප්‍රස් පර්ල්’නෞකාවේ ගින්න හේතුවෙන් දැඩි දූ ෂණයට පත්ව තිබූ සරක්කුව සහ කැපුන්ගොඩ අතර වෙරළ තීරය නාවික හමුදාව ප්‍රමුඛ කණ්ඩායම මේ වන විට පැවැති තත්වයට පත්කර තිබේ.

නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර නවයක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූ ෂණයට ලක්වූ උස්වැටකෙයියාව,ඇලෙන්එගොඩ,සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශයන්හි නාවික හමුදාව සිදුකළ පිරිසිදු කිරීමේ මෙහෙයුයේදී අපද්‍රව්‍ය ටොන් 1500 ක් එකතු කළ බවත් එම මැයි මස 27 වැනිදා සිට දින 21 ක් තුළ රැස්කළ එම අපද්‍රව්‍ය තොගය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට බාරදුන් බවත් නාවික හමුදාව පවසයි.

වෙරළ දූ ෂණ වී තිබූ ආකාරය සහ පිරිසිදු කිරීමෙන් පසුව මේ වන විට දිස්වන ආකාරය