BREAKING NEWS
Search

අඟහරු වෙත සාර්ථකව ගොඩබැස්වූ යානය නිර්මාණය පිටුපස සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරිය

339

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවර් යානය සාර්ථකව ගොඩ බස්වා තිබෙනවා.

ඒ,එහි සමකයට ආසන්න ආවාටයක්වන ජෙසේරෝ ප්‍රදේශයටයි.

මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් නාසා ආයතන විද්‍යාඥයින් වෙත සිය සුබ පැතුම් එක්කර තිබුණා.

අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් වැයකර නිපදවූ මෙම රොබෝ යානය අභ්‍යවකාශ ඉතිහාසයේ මෙතෙක් නිෂ්පාදිත ඉහළම තාක්ෂණයෙන් සමන්විත වූවක්.

මෙම යානයේ විද්‍යුත් පරිපථය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන මෙලනි මහාරච්චි විසින්.

මෙම ක්‍රියාන්විතය සාර්ථක කරගැනීමට ඇය ලබාදුන් දායකත්වය උදෙසා නාසා ආයතනයේද ප්‍රශංසාව හිමි වී තිබෙනවා.

අදාළ රොබෝ යානය වසර 2ක් අඟහරු මත රැඳී සිටිමින් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ.

එමගින් අගහරු මත සිටින ක්ෂුද්‍රජීවින් පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමටද නියමිතයි.

රතු ග්‍රහයා මත ජීවය පැවතිය හැකිද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි පරිදි පාෂාණ නියැදි එක් රැස් කිරීමද එහි තවත් අරමුණක්.