BREAKING NEWS
Search

නව ප්‍රභේදයෙන් ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම්

134

වර්තමානයේ පැතිර යමින් පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය මෙරට ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ පවසනවා.

මෙම වෛරස් තත්ත්වය මගින් ගැබිණි මව්වරුන්ගේ පෙනහළුවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය මයුර මාන දෙවොලගේ පැවසුවේ,ගැබිණි මව්වරුන් සෑම මොහොතකම වෛරසය ආසාදනය නොවී සිටීමට උත්සාහ ගත යුතුයි බවයි.