“ධනුෂ්කව පළවෙනි ටුවර් එක යවන්න රුපියල් 30,000 හොයාගත්තේ ගේ උකස් කරලා – දනුශ්ක ගුණතිලකගේ පියා

42705

ධනුෂ්ක පුංචි කාලේ ඉඳලම මැච් බලන්න පුරුදුවෙලා හිටියා.ඒ නිසාමද කොහෙද පොඩි කාලේ ඉඳලම එයාගෙ ලෝකෙ උනෙත් ක්‍රිකට්ම තමයි. අවුරුදු හතර පහේ ඉදලම වැඩිපුරම සෙල්ලම් කලේ ක්‍රිකට්.මමත් එක්ක මිදුලේ සෙල්ලම් කරපු එයා ඉස්කෝලේ ගිහිනුත් කළේ ක්‍රිකට් ගහපු එක තමයි.මුලින්ම එයා ඉස්කෝලේ ගියේ වාද්දුවේ.වාද්දුවේ ඉස්කෝලේ ලෙදර් ball cricket තිබුණේ නැහැ.ඒ නිසා අපි මෙයාව පානදුරේ ඉස්කෝලේ කට දාලා පානදුරේ තිබුණු සජීව සර්ගේ ක්‍රිකට් ඇකඩමි එකේ පුහුණුවට යැව්වා.එතන ඉඳලා ධනුෂ්ක හොඳටම ක්‍රිකට් ගැහුවා.මුලින්ම එයා වේග වේගපන්දු යවන්නෙක් විදියට තමයි සෙල්ලම් කරේ පස්සේ තමයි පිතිකරුවෙක් විදියට හැදුනේ.

මම කරන්නේ බේකරි රස්සාව.නෝනා රස්සාවක් කළේ නෑ අපි එහෙම සල්ලි බාගෙ තිබුණු උදවිය නෙමෙයි.ඒ දවස් වල එයා ඉස්කෝලේ යනකොට එයාට පළවෙනි tour එක ආවා.යන්න තිබුණෙ ඉන්දියාවට.ඒකට එයාට රුපියල් තිස් දාහක් හොයාගන්න වුණා.ඒ වගේ කාලයක ඒක ලොකු මුදලක් එදා මම ගේ උගස් කරලායි මුලින්ම එයාව රට යවන්න සල්ලි හොයලා දුන්නෙ.

සමහර දවස් වල එයාගේ මැච් බලන්න,එයාගේ ප්‍රැක්ටිස් වලට එහෙම මමයි අම්මයි පානදුරේට ගිහින් එයාට කන්න බොන්න ටික අරන් දුන්නාහම අපිට බස් එකේ එන්න සල්ලි නැති උන දවස් තියෙනවා.ඒ දවස් වල අපි පානදුරේ නංවා දුවට පයින් ඇවිත් තියෙනවා.මොනතරම් බැරි අමාරුකම් තිබුණත් ධනුෂ්කට සෙල්ලම් කරන්න ඕන කරන හැමදෙයක්ම අපි දෙන්නා අරන් දුන්නා.

මේ විදිහට මෙයා පාණදුරේ හොඳට සෙල්ලම් කර කර ඉන්නකොට club වලින් එහෙම ඇවිත් මෙයාව ඉල්ලනවා.ඔහොම ඉන්නකොට දවසක් මහත්තයෙක් ඇවිත් දරුවා කොළඹ ඉස්කෝලෙකට ගන්න කතා කලා.එදා මම කිව්ව අපිට එහෙම වියදම් කරන්න අමාරුයි කියලා.ඒත් ඒ අය උදව් කරනවා කියලා පොරොන්දු වෙලා පුතාව ඒ ඉස්කෝලෙට ගත්තා.පුතා ඉස්කෝලෙදිත් හොඳට සෙල්ලම් කරා.ලෙමනේඩ් කුසලාන තරගාවලියේ හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා සහ හොඳම පන්දුරකින්නත් වුණා.බිග් මැච් එකත් හොඳටම කරලා සම්මාන දිනා ගත්තා.ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමට තේරිලා යොවුන් ලෝක කුසලානය ටත් ගියා.

ඉස්සර එයාට ගෙදර ඉන්න නෑ.කට්ටිය මෙයාව එක්කන් යනවා softball මැච් ගහන්න.ඒත් මෙයා හොඳට ලෙදර් බෝල් ගහද්දි මෙයාට උපදෙස් දීලා තිබුණා sofboll බෝල ගහන්න එපා කියලා.ඒ වුණත් ගෙදර ඉන්න වෙලාවට කවුරු හරි softbalball මැච් එකක් ගහන්න කියලා එක්කන් යනවා.හොරාට ගිහින් සෙල්ලම් කරලා ආපු වෙලාවලුත් ඒ දවස්වල තිබුණා.එහෙම ගියේ ගමේ දන්න කියන අයගේ හිත රිද්දන්න බැහැ කියලයි.

ඒ දවස් වල මෙයා කොළඹ මැච් වලට යද්දී ගොඩක් වෙලාවට අම්මා එක්ක තමයි ගියේ.අම්මා පුදුම කැපකිරීමක් කරලා පුතා වෙනුවෙන්.එයා එහෙම නොහික්මුණු කෙනෙක් නෙමෙයි.අපිටත් නංගිටත් පුදුම බැඳීමක් තියෙන්නේ.අම්මටයි නංගිටයි මටයි අහසේ තරු විතරයි ගෙනත් දීලා නැත්තේ.ගමේ හැමදේටම උදව් කරනවා.නැති බැරි අයට රෝද පුටුවෙ ඉදන් අරන් දීලා තියෙනවා.නිහඬව ම උපකාර කළේ.නැති බැරි කෙනෙකුට උපකාරයක් කළා නම් අපිටත් ඔහොම කාලයක් තිබුනනෙ කියලා කියනවා මිසක් ඒවා සමාජ මාධ්‍ය වල දාන්න යන කෙනෙකුත් නෙමෙයි.

දවසක් SSC එකේ මැච් එකක් ඉවර කරල ගෙදර ආවේ බැනියම පිටින්.මැච් එක ඉවර කරලා වාහනේට නගින්න එනකොට ළමයෙක් ඇවිත් ටී ෂර්ට් එකක් ඉල්ලලා.ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගලවලා දීලයි ඇවිල්ල තිබුනේ.සෙල්ලම් කරන්න දාන සපත්තු දෙක පවා කාටහරි දීපු දවස් තිබුණා.ඒ කොහොම උනත් මේ වගේ වුන දේ හරියි කියලා අපි කියන්නේ නෑ.වැරැද්ද වැරැද්දමයි.අපිට ගොඩක් වේදනයි මේ වුන දේ ගැන.

– දනුශ්ක ගුණතිලකගේ පියා –
(Content writer – Our Economics)
(සති අග අරුණ Interview)