ධනංජය ලක්ෂාන් කපා හැරී හේතුව ගැන දසුන් කියන කතාව

1387

ඉන්දීයානු තරඟාවලියේ දී මෙරට බොහෝ ක්‍රිකට් ලෝලීන් පිරිසක් ධනංජය ලක්ෂාන් ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂාවෙන් සිටි නමුත් ධනංජය ලක්ෂාන්ට මෙම තරඟාවලිය පුරාවටම එකදු තරගයකටවත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.

මේ පිළිබඳව ක්‍රිකට් ලෝලීන් අතර ධනංජය ලක්ෂාන් ක්‍රීඩා නොකළේ ඇයිද යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් තිබුණු අතර ඊයේ (29) දිනයේ නිමාවට පත්වූ ඉන්දීය තරඟාවලියෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක විසින් ඒ සම්බන්ධව පිළීතුරු ලබාදී තිබුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසා සිටියේ ධනංජය ලක්ෂාන් යනු දක්ෂ ක්‍රීඩකයෙකු බවයි. මෙම තරඟාවලිය ලක්ෂාන්ට ලැබිය යුතුව තිබූ තරඟාවලියක් බවටද දසුන් විසින් එහිදී මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියා.

පසුගිය තරගවලදී පිතිකරණයෙන් පසුබෑමකට ලක්ව සිටි නිසා මෙම තරගයේදී පිතිකරුවෙකු යොදාගැනීමට සැලැසුම් කළ බවත් ඒ හේතුවෙන් ධනංජය ලක්ෂාන්ට මෙම තරඟාවලිය අහිමි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසා සිටියා.

තමන් නායකයෙකු ලෙස ඉදිරියේ දී පැවැත්වීමට නියමිත T20 තරඟාවලියන් සඳහා තමන් අනිවාර්යෙන්ම ධනංජය ලක්ෂාන්ව බලාගන්නා බවත්,ඔහු දැනට පවතින සංචිතය තුළ සිටින බවත් පැවසූ දසුන් වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේ දී T20 කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් කියන නම අනිවාර්යෙන්ම ක්‍රීඩා කරන 11 දෙනාට ඇතුළත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.