ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ඊයේ (18) ඔහුගේ මැණික් කටුවෙහි සුළු සැත්කමක් සාර්ථකව සිදුකර ඇත.
ධනංජය පසුගිය වසරේ සිට සුළු තුවාල ලබා ඇති නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගටම ක්‍රීඩා කළේය.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සියලුම ශ්‍රී ලංකා සංචාර කල්දැමීම නිසා ඔහුගේ ශල්‍යකර්මයකට අවකාශ සැලසිණි.
ඔහුට කළේ සුළු සැත්කමක් බවත් සතියකින් ක්‍රීඩා කිරීමට හැකි යැයි වෛද්‍ය උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.