දෛනික PCR පරීක්ෂණ වැඩි කරයි ! ආසාදිතයින් ගණන 248ක්….!

138

අද (18) දින කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සිව්දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 248ක් දක්වා ඉහළ ගියේය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, ඔවුන් සියලුදෙනාම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බවයි.

මේ අතර අද දින සුව වූ තවත් රෝගීන් 09 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දිනය තුළ හඳුනාගත් රෝගීන් සිව් දෙනාගෙන් තිදෙනෙකු වාර්තාවන්නේ ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන්.

අනෙක් අසාදිතයා රඹුක්කන ප්‍රදේශෙයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක්.

සෞඛ්‍ය අංශ විසින් ඊයේ දිනය තුළ මෙරටදී සිදුකරන ලද වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 695ක්.

ඉන් හය දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන් තිදෙනෙකු පූනානි මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකු වන අතර සෙසු තිදෙනා වැලිසර මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙක්.

පූනානි මධ්‍යස්ථානයෙන් හමු වූ තිදෙනා පසුගියදා මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් වූ වෛරස ආසාදිත පුද්ලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනායි.

අනෙක් තිදෙනා පසුගියදා කොටහේන ප්‍රදේශයෙන් හඳුනා ගත් වෛරස ආසාදිත කාන්තාවගේ සැමියා සහා දරු දෙදෙනා වේ.

එමෙන්ම අදාල පිරිස පදිංචිව සිටි බණ්ඩාරනායක මාවත ප්‍රදේශය අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළේය.

මේ අතර ගත වූ පැය විසි හතර තුළ වාර්තා වූ රෝගීන් හය දෙනාත් සමග මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගිගේය.

ඔවුන් සියලු දෙනා කොළඹ පදිංචිකරුවන් වන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වූ සමස්ථ ආසාදිතයින් ගණන 55ක්.

මේ වන විට රෝගීන් හැත්තෑ හත්දෙනෙකු සම්පුර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 160ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදිත යැයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 103ක්.

මේ අතර හංවැල්ල මාබුල ප්‍රදේශයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත යැයි සැකපිට පුද්ගලයෙකු හමුවීමත් සමග එම ප්‍රදේශයේ විෂබීජහරණය අද සිදුකෙරුණි.

එමෙන්ම ඔහු සමග සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයින් 29 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණයට අවශ්‍ය ජෛව පටල ලබාගැනීම ද අද සිදුකෙරුණි.

මෙම පුද්ගලයා පසුගිය 31වනදා අනුරාධපුරයේ පණ්ඩුලම ප්‍රදේශයේ සිට හංවැල්ල මාබුල ප්‍රදේශයට පැමිණ තිබේ.

එහිදී ඔහුට රෝගී තත්ත්වයක් ඇති වී පසුගිය 16වනදා කොස්ගම සාලාව රෝහලට ඇතුළත් කර පසුව තත්ත්වය උත්සන්න වී ඔහු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

එම අවස්ථාවේදී ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ලක්ෂණ පෙන්නමු කිරීමත් සමග ඔහුව අයි.ඩී.එච්. රෝහලට මාරුකර යවා තිබේ.

මේ අතර ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පිරිස හදුනාගැනීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන්, මහජන පරීක්ෂකවරුන්, බුද්ධි අංශ නිලධාරීන් සහා පියතුමන්ලාගේ ජෛව සාම්පල අද ලබාගත්තේය.

ඒ සුදුවැල්ල ශාන්ත මරියා දේවස්ථන භූමියේදී

එමෙන්ම නිරෝධායනයට යොමුකළ සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස සමග ආශ්‍රය කළ තවත් පුද්ගලයින් 19 දෙනෙකු ද අද ස්වයං නිරෝධායනයට යොමු කළේය.

මේ අතර අනුරාධපුර සාලියපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයේ නිවාස දහයක පුද්ගලයින් පිරිසක් අද සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධායනයට යොමු කළේය.

ඒ එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය 12වනදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයට පැමිණ නැවත එදිනම එම ප්‍රදේශයට පැමිණීමත් සමගින්.

එමෙන්ම ඔවුන් ප්‍රදේශය පුරා ගමන් කිරීම නිසා සෞඛ්‍ය අංශ අද ඔවුන්ට දැඩිලෙස අවවදා කළේය.

මේ අතර කාන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකළ අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පස්දෙනෙකු ඊයේ රාත්‍රී ඉන් පලායාමට උත්සහා දරා තිබේ.

මේ අතර නිරෝධායන කාලසීමාව දින 21ක් දක්වා ඉහළ දැමීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

මේ අතර හුදෙකලා කිරීමෙන් පසු විවෘත කළ අටුළුගම ප්‍රදේශය සාමාන්‍ය ඇඳරි නීතිය පවතින ප්‍රදේශ මෙන් සාමාන්‍ය අතට පත්ව තිබේ.

මේ අතර පසුගියදා හුදෙකලා කළ නාගලම්වීදිය ප්‍රදේශයේ සිටින පිරිස් වෙත අදත් එම පවුල්වල ඥතීන් පැමිණ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන්නේය.‍

මුඛ ආවරණයක් පැළඳ නොසිටි අයෙක් අද අප කැමරාව දුටු විගස පැන ගියේය.

මේ අතර මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කළ තවත් පිරිසක් අද දිනයේදීත් තමන්ගේ නිවෙස් වෙත පැමිණියේය.

මෙරටින් කොවිඩ් – 19 මරණ 7 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ කොවිඩ් නයින්ටීන් වෛරසය අවසන්වනතුරු එහි අවදාන අවසන් නොවන බවයි.