දේශපාලනයට එන්නැයි ඇරයුම්! ජනප්‍රිය නිළි මංජුලා කුමාරි දේශපාලනයට?

1866

කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අහිංසක වගේම නිහතමානී රංගන ශිල්පිනියක් තමයි මංජුලා කුමාරි කියන්නේ.ඕලු කියන චරිතය හරහා ඇය දැවැන්ත ප්‍රේක්ෂක ආදරයක් හිමි කර ගත්තා. ඒ වගේම ඇය ගීත රචනාවලද සිය දක්ෂතා පෙන්නුම් කළා.ඇත්තෙන්ම ලාංකීය ජනයාගේ සුවිශේෂ ආදරයක් හිමිකර ගත්තු රංගන ශිල්පිනියක ලෙස අපට ඇයව හදුන්වන්න පුලුවනි.ඇය අම්මා කෙනෙක් වුනාට පස්සේ වැඩිය ඇයව දකින්නනම් ලැබුනේ නෑ.

ඉතින් එලෙස ඇය රඟපෑ ඕලු ටෙලිනාට්‍ය මේ දවස්වල ස්වර්ණවාහිනියේ නැවත විකාශනය වනවා.ඉතින් ඇය පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවකට එකතුවෙලා තිබුණා.එහිදී මාධ්‍යවේදීයා අහපු ප්‍රශ්නයකට ඇය පිළිතුරු දීල තිබුනේ මෙහෙමයි.

ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනියන්ට ආදර යෝජනා වගේම දේශපාලන ආරාධනාත් ලැබෙනවලු නේද

ඒකනම් ඇත්ත.කලින්ම කියන්න ඕන මම වෘත්තීය රංගන ශිල්පිනියක නෙවෙයි.මම මේ කලාවෙන් යැපෙන්නෙ නැහැ.මට දේශපාලනය වෙනුවෙන් විවිධ පක්ෂ වලින් ඇරයුම් ගණනාවක්ම ලැබුණා.නමුත් දේශපාලනයට යොමු වෙන්න මගේ කිසිම කැමැත්තක් නෑ.ඒක මම පුද්ගලිකව හිතලා ගත්තු තීරණයක්.