දෙවන වාරයේ පාසල් නිවාඩුව ඔක්තෝබර් 9 වන දා සිට

304

මෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වන දා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අද (20) කොළඹ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තු වේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, රංජිත් චන්ද්‍රසේකර මහතා මේ බව පැවසීය‍.

මේ අතර,වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන අතර,අ.පො.ස.උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනි දා ආරම්භ වීමට ද  නියමිතය.

දීපව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකර විභාග සඳහා මුහුණ දෙන දරුවන්ගේ හා ගුරුවරුන්ගේ ඉල්ලීම අනුව මෙලෙස විභාග දිනය මසකින් කල්දැමු බව ද  ලේකම්වරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් ජයසූරිය මහතා පවසා සිටියේ,පිට පළාත්වල දරුවන්ට විෂය නිර්දේශය ආවරණය කරගත නොහැකි වු බවට මතයක් ගොඩනැඟී තිබු බවය.

ඒ අනුව දැන් ලබා දුන් කාලය තුළ එය ආවරණය කරගත හැකි බව ද  පැවසු විභාග කොමසාරිස්වරයා,ඔක්තෝබර් මාසයේ 12 වන දින උසස් පෙළ විභාගය ආරම්භ වී නොවැම්බර් මස 6 වන දින අවසන් වන බවත් පැවසීය.
(adaderana)