දුෂ්කර අවස්ථාවලදී ජනතාවට කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා‌:කොඩිඩ් අරමුදලට පරිත්‍යාගයන් කරන්න –ඇමති බන්දුල ඉල්ලයි

182

රටක් දුෂ්කරතාව පත් හැම අවස්ථාවෙදීම ජාතියක් ලෙස එම රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදු වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද(21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය සේවක වැටුප කප්පාදු කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ය.

මහජන නියෝජිතයින්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම මූල්‍ය අර්බුදය හමුවේ කොඩිඩ් 19 අරමුදලට යම් යම් පරිත්‍යාගයන් සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ අතර දේශීය – විදේශීය වශයෙන් එවැනි පරිත්‍යාගයන් සිදු කළ හැකි සියලු දෙනාගෙන් පරිත්‍යාගයන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටි අතර,එමගින් රට අගුළු දැමීම හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පිරිසට යම් සහනයක් සැලසිය හැකි බවත් සඳහන් කළේ ය.