දිස්ත්‍රික්ක ගණනාවකින් ඩෙල්ඩා ප්‍රභේදය හමුවෙයි..

234

කොළඹ නගරය තුළ ව්‍යාප්තියේ ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ,ලොව ප්‍රථම වරට හඳුනා ගැනුණු විකෘතිතා 03ක් සහිත ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය පවසයි.

වව්නියාව,රත්නපුර,ගම්පහ මෙන්ම මධ්‍යම පළාතේ සියලු දිස්ත්‍රික්කවලත් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී අතැයි ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් ය.

ඊට අමතරව යාපනය,කිලිනොච්චිය,ත්‍රිකුණාමලය,පොළොන්නරුව,අම්පාර,හම්බන්තොට,මාතර,ගාල්ල,කළුතර,කුරූණෑගල සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලින් ද ඩෙල්ටා ප්‍රභේදය හමු වී තිබේ.