ක්‍රීඩා පාසල් වල ක්‍රීඩා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12 ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේ දී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ අනුව සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන පාසල් පහත පරිදි වේ.
දික්වැල්ල විජිත විද්‍යාලය,හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය,අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,පොලොන්නරුව රාජකීය විද්‍යාලය,ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය,
අම්පාර ඩී.එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලය,ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය,යාපනය මධ්‍ය මහා විද්‍යාලය,ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය,
මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය,මන්නාරම මුරුන්ගන් මධ්‍ය මහා විද්‍යාලය,රත්මලාන හින්දු විද්‍යාලය
ශ්‍රි ලංකා යුද හමුදාව,ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව මෙම ඉදිකිරීම් සිදු කරන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 250 ක්.
මේ යටතේ ක්‍රීඩා පිටි සංවර්ධනය,ඩා මණ්ඩප අලුත්වැඩියා කිරීම,වාසිකාගාර අලුත්වැඩියා රීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණුව ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට නියමිතයි.
සිළුමිණ