BREAKING NEWS
Search

දිල්ෂාන් සමඟින් සනත් යළිත් පිටියට – තරඟකරන දවස මෙන්න

107

ශ්‍රි ලංකා ක්‍රිකට් සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය ලබන මාසයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත Road Safety World Cup විස්සයි 20 තරගාවලියට සහභාගි වෙන බවට තහවුරු කර තිබේ.

මෙම තරගාවලියේදී සනත් ජයසුරිය සහ තිලකරත්න දිල්ෂාන් ආරම්භක පිතිකරු ලෙස ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත අතර කණ්ඩායමේ නායකත්වය තිලකරත්න දිල්ෂාන් විසින් දරණු ලබයි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ්,හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සහ ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයින්ද ඒම කණ්ඩායමට එක්වනු ඇති.

තරඟාවලිය මාර්තු මස 2 වන දින ආරම්භ වන අතර එය මාර්තු 21 වන දින අවසන් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පළමු තරඟය මාර්තු 2 වනදා ක්‍රීඩා කරනු ඇති බව සංචිතයේ කළමනාකරු වන ශ්‍යාම් ඉම්පෙට් පවසනවා.