දියාගෝ මැරඩෝනා මිය යන විට දුප්පතෙක් බව නීතිවේදීයෙක් කියයි | එය බොරුවක් පවුලේ අය පවසති

144

දියාගෝ මැරඩෝනා මිය යන විට දුප්පතෙක්… නීතිවේදී ඇන්ජලෝ පිසානින | එය බොරුවක් මැරඩෝනාගේ වත්කම ස්ටර්ලින් පවුම් මිලියන 150 ට වැඩියි… පවුලේ අය පවසති

ලෝ පූජිත පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යන විට ඔහුගේ බැංකු ගිණුමේ ස්ටර්ලින් පවුම් 75000 ක් පමණක් ඉතිරිව තිබූ බවත් මැරඩෝනා දුප්පතකු බවට පත් වී මියගිය බවත් නීතිවේදියා හෙළි කර ඇත.

එහෙත් ඔහුගේ පවුලේ අය පවසන්නේ මැරඩෝනාගේ වත්කම ස්ටර්ලින් පවුම් මිලියන 150 ක් බවයි.

එසේම බෙලාරුසියන් පාපන්දු සමාජයේ ගෞරවනීය සභාපති ලෙස කටයුතු කළ මැරඩෝනාට වසරකට ස්ටර්ලින් පවුම් මිලියන 15 ක මුදලක් ලැබෙන බව ද අනාවරණය වී ඇත.

දියාගෝ මැරඩෝනා සතුව වතු යායක්, මෝටර් රථ සහ රන් ආභරණ ද ඇතැයි ඔහුගේ පවුලේ අය තවදුරටත් හෙළි කර තිබේ.

මේ අතර මැරඩෝනා ඉතා සමීපව ආශ‍්‍රය කළ ආජන්ටිනා මාධ්‍යවේදී ලූවිස් වෙන්ටුරා පැවසුවේ මැරඩෝනා මිය යන විට දුප්පතකු බවයි. ඔහුගේ මුදල් සොරාගෙන තිබුණා යැයි වෙන්ටුරා පැවසීය.

මෙම ලෝ ප‍්‍රකට පාපන්දු ශුරයාගේ නීතිවේදී ඇන්ජිලෝ පිසානි පවා හෙළි කළේ මැරඩෝනා බදු ගෙවීමේ අර්බුදයකට මුහුණපා සිටි බවයි.

එහෙත් මැරඩෝනා සතුව බීඑම්ඩබ්ලිව් අවුඩි සහ රොල්ප් රෝයිස් මෝටර් රථ ද කියුබාවේ සහ ඉතාලියේ ආයෝජන ද තවත් මෝටර් රථ තුනක් ද බුවනෝස් අයර්ස්හි ගොඩනැඟිලි කීපයක් ද ඇති බවයි.