දින 38ක බිළිඳා කොවිඩ් නිසා ජීවිතක්ෂයට

207

කොවිඩ් වෛරසය ආසාදිතව නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 38 ක් වයසැති කුඩා බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, වටගොඩ, මඩකුඹුර වතුයායේ පදිංචිව සිටි කුඩා බිළිදෙකුය.

කොවිඩ් වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම කුඩා බිළිදා සහ එම බිළිදාගේ මව පසුගිය මස 26 දින ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කොට ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී බිළිදා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොවිඩ් ආසාදිත මව තවදුරටත් නුවරඑළිය මහ රෝහලේ කොවිඩ් රෝගී අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.

ශාන් හුලංනුගේ