පළමු විවාහයෙන් වෙන්ව තනිව ජීවත්ව සිටියදී ඇතිකර ගත් අනියම් ඇසුරකින් ලැබී ඇති මෙම දරුවා,ඇයට නැවත විවාහයක් කර ගැනීමේදී ප්රශ්නයක් වන නිසා විකුණා තිබේ.
ඇයගේ ඥාතීන් පිරිසකට ඇති වූ සැකයක් නිසා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර යාපනයේ නෙල්ලිඅඩි පොලීසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ කාන්තාවගෙන් ප්රශ්න කිරීමේදී පවසා ඇත්තේ දරුවා හදාගැනීම සදහා ඥාති සහෝදරියකට ලබාදුන් බවයි.එම කාන්තාව සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.