දිගින් දිගටම අසාර්ථක වන කුසල් මෙන්ඩිස්ට ධනුෂ්ක ගුණතිලක දුන් ශක්තිය

565

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි

ඊයේ දිනයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු හතරක් දැවී ලකුණු 150 ක් රැස් කරගෙන සිටියා.

එහිදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගෙන් කණ්ඩායමට අවශ්‍ය සේවාව ලැබෙනවාද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැන නැඟ තිබෙනවා.

ඒ මෙම තරඟාවලිය පුරාවටම පිතිකරුවෙක් ලෙස කුසල් මෙන්ඩිස් අසාර්ථක වීම හේතුවෙන්.

මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම් දෙකේදීම ලකුණු ලබා ගන්නට පෙර කුසල් මෙන්ඩිස් දැවී ගියා.

කුසල්ගේ මෙම දුර්වල පිතිකරණය හමුවේ සමාජ මාධ්‍යවල ඔහු මේ දිනවල දැඩි කතාබහකට ලක්ව සිටිනවා.

කෙසේ වෙතත් සිය මිත්‍රයාගේ මෙම පසුබෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලක සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

“ශක්තිමත්ව සිටින්න,සෑම කෙනකුටම අවස්ථාවක් ඇත,අමතක නොකරන්න ඔබ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් බව,ඔබ ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ තරඟ ජයග්‍රහණය කර දී ඇති අතර අනාගතයේදී ඔබ එය කරනු ඇත”යනුවෙන් ධනුෂ්ක එහි සටහන් කර තිබුණා.