එළඹෙන ඉන්දීය සංචාරය සදහා විසිදෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙවර LPL තරඟාවලියේදී දක්ෂතා අතර පසුවන සදීර සමරවික්‍රම අවිශ්ක ප්‍රනාන්දු ,නුවනිදු ප්‍රනාන්දු ,නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ, දිල්ශාන් මදුසංක සහ අෂේන් බණ්ඩාර ඒ අතර පසුවන බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් අවසන් වරට ප්‍රකාශයට පත්කළ විස්සයි විස්ස සංචිතයට ඇතුලත් කර සිටි දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල එම සංචිතයෙන් ඉවත්කොට තිබෙනවා.
ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟාවලිය ජනවාරි 3වනදා ආරම්භ වීමට නියමිතයි.