දැවැන්ත පක්‍ෂයක් හදා සජිත් ජනාධිපති කරවනවා..

583

සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති කරවීම සඳහා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් නිර්මාණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා සිවිල් දේශපාලන ව්‍යාපාර කිහිපයක් එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන බවද ඔහු පැවසීය.

මැතිවරණ කොමිසම් සභාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

චතුර සේනාරත්න මහතා මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා සමගි ජනබලවේගයෙන් තරඟ වැද පරාජයට පත්විය.