දැරියගේ මරණයට සැක පිට බදියුදීන් අත්අඩංගුවට..

499

තම නිවසේ මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටි බාලවයස්කාර දැරියක් මිය යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් නීති කෘත්‍යය අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා දැනුම් දී ඇත.

දැනට සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම එළඹෙන 09 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.