BREAKING NEWS
Search

දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය ගැන අලුත්ම හෙළිදරව්වක්

448

අමෙරිකාවට ඇතුළුවීමට සහ පිටවීමට වසර 5ක වලංගු කාලයක් සහිතව ලබාදී තිබූ වීසා බලපත්‍රයත් සමග ශ්‍රීලංකා පන්දුවාර විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය ඔස්ට්‍රේලියාවේදී මීට වසර දෙකකට පෙර අස්ථාන ගතවී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්දයෙන් මීගමුව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර ඔහු මෙවර බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා වීසා අයදුම් කිරීමට ඉදිරිපත් කර ඇත්තේ ද එම ගමන් බලපත්‍රයයි.

එම නිසා ඔහුට අමෙරිකානු විසා ලබාදීමේ ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති ශ්‍රීලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් ශානකව යුරෝපීය ගමනාන්තයක් හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත පිටත් කර හැරීමට ඇති හැකියාව සොයබලමින් සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කලේ.

ඒ අනුව දසුන් ශානකට බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැත්වෙන පන්දුවාර 20 තරග සියල්ල මගහැරෙනු ඇති.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් සමග එක්දින තරග සඳහා ශානකව එක් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලා.