දරු පැටවාට ජීවිතය දී,කොවිඩ් ආසාදනය වූ තවත් අම්මා කෙනෙක්,අවසන් ගමනට යයි.

286

කොරෝනා ආසාදනය වීමෙන් 33 හැවිරිදි ගර්භණී කාන්තාවක් ගම්පහ රෝහලේ දී මියගොස් තිබෙනවා.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර,රාගම – උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වීමෙන් අද උදෑසන මියගොස් තිබෙනවා.

41 වැනි වියෙහි පසු වූ අදාළ වෛද්‍යවරයා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කිසිවක් ලබා ගෙන නොමැති බවයි.රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.