දරුණුම කොවිඩ් ප්‍රභේදය පැතිරෙන දකුණු අප්‍රිකාවේ‘ක්‍රිකට් කණ්ඩායමේ’PCR ප්‍රථිපල මෙන්න

272

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ එම කණ්ඩායම සමඟ පැමිණ සිටින සියලුදෙනාගේ PCR පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය වෙත යොමුකර වාර්තා ලබාගත් බවත්,ඔවුන් සියලු දෙනාම සුරක්ෂිත බව තහවුරු කර ඇති බවත් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර පවත්නා C.1.2 නව කොවිඩ් ප්‍රභේදය ය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවද ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් පවතින C.1.2 වයිරස් ප්‍රභේදය,මෙතෙක් හඳුනාගත් කොවිඩ් ප්‍රභේද අතරින් වැඩිම විකෘතිතා දක්වන ප්‍රභේදයක් බවට හඳුනාගෙන ඇතැයි විද්‍යාඥයෝ සඳහන් කරනවා.