දඹුල්ල ට විශිෂ්ට ජය

ByPasindu

Dec 17, 2022

LPL ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද (17) පැවති තරගයේ ජය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්විය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වු අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 178ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා ගෝල් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 179කි.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ගෝල් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 130ක් පමණි.