තෙන්ඩුල්කාර් වයස 16 දී තැබු ලෝක වාර්තාව බිදහෙලු අපේ රටේ අවුරුදු 15 කෙල්ල

287

ක්‍රිකට් ක්‍රීඩාව අද ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ ක්‍රීඩාවක් ලෙස හඳුන්වන්න පුලුවන්. අපේ රට තුළ මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකින් පවතින අතර ලෝකයම අවධානය දිනාගත් ක්‍රිකට් කණ්ඩායමක් ලෙස අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම හදුනනවා. ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලෝකෙම කතාබහ කරන විවිධ ජයග්‍රහණ රැසක් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් දා කරගෙන තිබෙනවා. අපේ රටට සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩාව ඉතා දියුණු මට්ටමක තිබෙන රටක් ලෙස ඉන්දියාව හඳුන්වන්න පුළුවන්.

සුපිරි පිති හරඹය එක නිරත වන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ක්‍රිකට් රසිකයන් අතර නමක් දිනා තිබෙන ක්‍රීඩකයෙක්. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක වන මොහු විසින් විවිධ වාර්තා පිහිටුවා ඇති අතර පසුගිය දිනක දිනෙක ඔහු තැබූ වාර්තාවක් බිඳ හෙළීමට අපේ රටේ දියණියක් සමත් වෙනවා.

සචින් තෙන්ඩුල්කාර් ඔහුට වයස දහසයේ දී පිහිටු වූ ලෝක වාර්තාවක් බිඳ හෙළීමට අපේ ක්‍රිකට් ක්‍රීඩිකාවක් සමත් වෙනවා ඇය නමින් කවීෂා කුමාරි එගොඩ ගොඩ වේ. එක්සත් අරාබි එමිර් රාජ්‍යය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇය වයස අවුරුදු 15 යෙදී මෙම වාර්තාව සනිටුහන් කරනු ලබනවා. 2014 වසරේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යය පිලි නියෝජනය කරමින් ඇය ඕමාන් පළමු ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන අතර එම ජාතික කණ්ඩායම නියෝජනය කල ලොව ලාබාලම ක්‍රීඩිකාවන් ක්‍රීඩිකා වන්නේද ඇයයි.

2019 වසරේ තායිලන්තයේ තායිලන්තයේදී පැවැති තායිලන්ත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මලයාසියාවට එරෙහිව නොදැවී ලකුණු 57 ක් දිනාගනිමින් විස්සයි විස්ස තරගාවලියක අර්ධ ශතකයක් ලැබූ ලොව ලාබාලම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වීමට ඇයට අවස්ථාව උදා වනවා.

ඇය සතු දක්ෂතාවය නිසාම 2019 වසරේදී පැවති ශ්‍යාම් භාතිය ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව කෙසේදැයි සම්මානයට පාත්‍ර වනවා දැනට විදේශගතව සිටින ඇය ඉදිරියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට සූදානම් වී සිටී. ඒ අනුව දේශීය ක්‍රිකට් තරංග වලට ක්‍රීඩා කිරීම ඇයගේ අරමුණයි. අපේ රටේ කාන්තා ක්‍රිකට් පිලට එකතු වී දේශීය ක්‍රිකට් ඉතිහාසයේ නමක් ද වන්නට මේ දිනයට හැකිවේවා යැයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.