සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන පන්දුවාර 20යි 20 තරඟය අද පැවැත්වෙනවා.
රාත්‍රී තරඟයක් වන එය ඉන්දියාවේ රාජ්කොට්හිදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ටයි.
ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර 20 තරඟාවලියට තරඟ 3ක් ඇතුළත්.
එහි පළමු තරඟයෙන් ඉන්දියාව ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කළා.
දෙරට අතර දෙවන තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16ක විශිෂ්ට ජයක් හිමි වුණා.
ඒ අනුව තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයගත යුතුයි.
අද තරඟයේදී කණ්ඩායම් දෙකේම යම් වෙනස්කම් සිදුවිය හැකි බවට ප්‍රකාශ වුවද ඒ පිළිබඳ මේ දක්වා.