BREAKING NEWS
Search

තිසර පෙරේරාගෙන් එක් පන්දුවාරයකට හයේ පහර 6 ක් සම්පූර්ණ විස්තරය මෙන්න

468

අද දින දේශීය තරග බිමේ යුධ හමුදා ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගයක් පැවැත්වුනු අතර එහිදී පලමුවෙන්ම පන්දුවට පහරදුන් යුධ හමුදා පිලට හොද ආරම්බයක් ලබාදෙන්නට අශාන් රන්දික සමත්විය. ඔහු ලකුණු 124ක් රැස්කරන්නට සමත්වූ අතර එම ඉනිමට හයේ පහර 8 ක් ඇතුලත් විය.

හිමාශ ලියනගේද නොදැවී ලකුණු 101 ක් රැස්කරන්නට සමත්විය.යුධ හමුදා ඉනිමට වේගවත් අවසානයක් ලබාදෙන්නට නායක තිසර පෙරේරා සමත්වූ අතර ඔහු පන්දු 13 කින් නොදැවී වේගවත් ලකුණු 52 ක් රැස්කරන්නට සමත්විය.

තිසර එහිදී එක් පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන්නට සමත්වූ අතර ඉතා විශිශ්ට ඉනිමක් දියත් කරමින් යුධ හමුදා පිල ලකුණු 318 දක්වා ගෙන යන්නට සමත්විය.තිසර එහිදී එල්ල කල මුලු හයේ පහර ගණන 8 කි. ඇත්තෙන්ම එය අධි ප්‍රවේගකාරී ඉනිමක් විය.