තිලාපියා සම භාවිතා කරමින් ප්‍රතිකාර ක්‍රමයක් බ්‍රසීලයේ.

97

මීට පෙර ඔවුන් ඌරන්ගේ සම වෙලුම් පටි ලෙස සෘජුවම පිළිස්සුණ ස්ථානය ආවරණය කිරීමට භාවිතා කර ඇති අතර මේවන විට ඌරන්ගේ සම වෛද්‍ය මධ්‍යස්ථාන වලට සැපයීම අඩාල වී ඇති නිසාත් එසේ යොදන ලද ඌරන්ගේ සම දින කිහිපයෙන් කිහිපයට මාරු කල යුතු නිසා ඔවුන් තිලාපියාගේ සම කෙරෙහි යොමු වී ඇත.

තිලාපියා බ්‍රසීලියානු ගංගා වල ව්‍යාප්තව ඇති මෘදු රසයකින් යුක්ත මිරිදිය මාලුවෙක් වන නිසා ඔවුන්ගේ ව්‍යාප්තය බහුලයයැයි ද වෛද්‍ය වරුන් පවසන අතර පිළිස්සීම් සඳහා තිලාපියා සම භාවිතය වින්දිතයාගේ වේදනාව ඉක්මනින් සමනය කිරීමට කදිම ප්‍රතිකාරයක් බව ඔවුන් පවසයි.තිලාපියාගේ සම මගින් පිළිස්සුම් තුවාල දින කිහිපයකින් සුව වන අතර වේදනා නාශක වල අවශ්‍යතාවයද එමගින් සපුරා ගැනේ.

ප්‍රතිකාරය සකස් කිරීමට පෙර තිලාපියාගේ සම හොදින් පිරිසිදු කර ජීවාණුහරණය කර ශීත කරන නිසා එය මාලු පිළී දුගඳ හමන්නේ නැත.
මාලු සමේ කොලජන් ප්‍රෝටීන ඉහල මට්ටමක පවතින අතර තෙතමනය රදවා ගැනීමේ හැකියාව නිසා මෙය සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.පිළිස්සූණු ස්ථානය මතුපිටින් පිරිසිදු කරගත් තිලාපියා සම සෘජුවම යොදයි.එවිට තරමක් ඔබ ප්‍රබන්ධනාත්මක ජීවියෙකු ලෙස පෙනේ.වෛද්‍ය වරුන් දින 10කින් වෙලුම් පටි ඉවත් කරයි.
කිසිදු ක්‍රීම් හෝ වෙනත් ආලේපන යොදා නොගනී.මිනිසාට පමණක් නොව වෙනත් සත්වයන්ගේද පිළිස්සුම් තුවාල වලට කදිම ප්‍රතිකාරයකි බව පවසයි.