තියුණු තරගයකින් පසු ඉන්දීය කණ්ඩායමට විශිෂ්ට ජයක්

ByPasindu

Jan 11, 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 67ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (10) සමත්විය.

තරගයේ කාසියේ වාසිය දසුන් ශානක දිනාගත් අතර ඔහු ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 373ක් ලබා ගත්තේය.

ඉන්දීය නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් පළමු කඩුල්ල සඳහා පන්දු ඕවර 19.4කදී ලකුණු 143ක් එක් කළහ.

ගිල් පන්දු 60කදී ලකුණු 70යි. ඊට 4 පහර 11ක් අයත් විය.

ශර්මා පන්දු 67කදී ලකුණු 83ක් රැස්කළ අතර ඊට 6 පහර 3ක් සහ 4 පහර 9ක් ඇතුළත් විය.

විරාත් කෝලි පන්දු 87කට ඔහු මුහුණදෙමින් ලකුණු 113ක් රැස් කළේය.

ජයග්‍රාහී ලකුණු 374ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර නියමිත පන්දුවාර 50 අවසානයේ අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 306ක් පමණි.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩකළ නායක දසුන් ශානක පන්දු  88කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 108ක් රැස්කළේය.

පැතුම් නිශ්ශංක ලකුණු 72ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා 47ක් රැස්කළේය.