තාත්තාට කො රෝනා හැදුනේ මම නිසා තමයි – සජිත් පෙරේරා

690

කොවිඩ් ආසාධිතව අප අතරින් සමු ගත්ත ගායන ශිල්පී සුනිල් පෙරේරා අසනීප තත්වයේ සිටින විට ඔහුගේ පුත් සජිත් පෙරේරා දැක් වූ අදහස් කිසිපයක් පහතින්

පියාට කොවිඩ් කියලා දැනගත්තේ කොහොමද?

මුලින්ම හැදුනේ මටයි

ඔබ හිතන විදිහට ඔබට ආසාදනය වුණේ කොහාමද?

මම තමයි ගෙදරින් එළියට යන්නේ.බැංකුවට,ෆුඩ් සිටියට ගිය වෙලාවක ගාගෙන් හරි මට වෛරසය ආසාදනය වෙන්න ඇති

සති කිහිපයකට පෙර එක්තරා රූපවාහින් වැඩසටහනකටත් පියා සහභාගි වුණා නේද?

ඔව් ඒත් එහිදි බෝවුණා කියලා මම හිතන්නේ නෑ.ඒ සති දෙකකටත් කලින්.මුලින් හැදුනේ හටයි.පසුවයි තාත්තට හැදුනේ.මගෙන් තමයි ඔහුට නැලදෙන්න ඇත්තේ.නංගිට හැර අපි හැමෝටම හැදුනා.මගේ දරුවෝ දෙන්නාටත් ආසාදනය වුණා.

තාත්තාට රෝග ලක්ෂණ දකින්න ලැබුණද?

ඔව් සැරෙන් සැරේට අඩුවන,වැඩිවන උණ ගතිය තිබුණා

ඔබ පියා සමඟ නිතරම සමීපව කටයුතු කරනවද?

තාත්තාට එන වැඩ ගොඩකට උදවු කරන්නේ මමයි.කාක්කා පසුගිය කාලෙත් ගෙදර ඉඳලා පටිගත කිරීම් රාශියක්ම කළා.මම තමයි ඒවා වට්සැප් හරහා යැව්වේ.ඒ වැඩවලදී තාත්තයි මමයි ගොඩාක් සමීපව වැඩ කරනවා

පියා බෝ නොවන රෝගවලින් පෙළෙනවාද?

අවුරුද්දක් විතර වෙනවා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා.ඒ වෙනකන් කිසිම ලෙඩක් තිබුණේ නෑ.සීනිත් ගොඩක් ඉහළ මට්ටමක නෑ.තාත්තට වයස අවුරුදු 70ක්.ඒ වයසේ හැටියටනම් ඔහුට ලෙඩ නෑ

(සාකච්ඡා සටහන – තුෂාරි කළුබෝවිල රසඳුන)