ත්‍රීරෝදරථ රියදුරන්ට කඩිනමින් පී.සී.ආර් සිදුකරන්නැයි ඉල්ලීමක්

284

ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

එම සංගමයේ ලේකම්,එල්.රෝහණ පෙරේරා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපේ සහෝදරවරු කොවිඩ් වසංගතයට ගොඳුරු වෙලා මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ක්‍රියාවලියක් නෑ. මොකද අපි හැමතැනම මේ සේවාව තුළ යන මිනිස්සු හැටියට රජයේ වෛද්‍ය සභාවෙන් හරි මේ හා සම්බන්ධ ව ඉන්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අහඹු ලෙසවත් මේ ත්‍රීරෝද රථ රියදුරන්ව පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරලා මේකෙන් මුදවා ගන්න කියලා.“