BREAKING NEWS
Search

ත්‍රිරෝද රථ හිමියන් මීටරේ හිතේ හැටියට කරකවයි – රාත්‍රියට ඩබල් අය කරයි.

276

දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රිරෝද රථ හිමියන් විසින් අධික මුදලක් අය කිරීමට පටන් ගෙන ඇති බව ජනතාව පවසයි.

ඒ,දැනට ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම නිසා බව එම ත්‍රිරෝද රථ හිමියන් සදහන් කරයි.

හැටන් ත්‍රිරෝද රථ රියදුරන් පළමු කිලෝමීටරය සදහා රුපියල් 200ත් 250ත් අතර මුදලක් අයකරන බව එම ප්‍රදේශයේ ජනතාව සදහන් කරයි.

පළමු කිලෝමීටරයෙන් පසු සෑම කිලෝමීටරයකටම රුපියල් 150 බැගින් අයකරන බව ඔවුන් පෙන්වා දෙයි.

සමහර ත්‍රිරෝද රථ රියදුරන් රාත්‍රීයේ කාලයේදී එම මිල ගණන් දෙගුණයකින් අයකරන බව හැටන් ජනතාව වැඩිදුරටත් සදහන් කරයි.