තවමත් ජාතික විස්සයි20 පිටියෙන් සමුගෙන නෑ

445

තමන් තවමත් ජාතික විස්සයි20 පිටියෙන් සමුගෙන නොමැති බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

එළැඹෙන එල්.පී.එල්.තරගාවලියට උපදේශකයෙක් ලෙස මාලිංග සම්බන්ධවීමට නියමිත බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කිසිම වගකිවයුතු නිලධාරියෙක් සමග සාකච්ඡා කර නොමැති බවද ඔහු පවසයි.