”තවදුරටත් අපට කට වහගෙන ඉන්න බෑ: වහා ම මිනිස්සු මැරෙන එක වළක්වන්න” – වෛද්‍යවරයෙකුගෙන් දැඩි ප්‍රකාශයක්

700

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ගාල්ල, කරපිටිය රෝහලේ තත්ත්වය සහ එහිදී තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත යම් ආකාරයක අවේගශීලි ප්‍රකාශකයක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ,කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අයිතිකරුවෙකු නොමැති රෝගියෙකු රෝද පුටුවක හති හලමින් මියැදුණු බවය.

ඒ ආකාරයෙන් ම රට පුරා ම මිනිසුන් මියැදෙන බවත් මේ පිළිබඳව සොයා බලා මිනිසුන් මියැළීම වළක්වන ලෙසත් ඔහු බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ ය.

“කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ගාව පුද්ගලයෙක් රෝද පුටුවක අයිතිකාරයෙක් නැතුව පැය භාගයක් හති හලලා මැරෙනවා.කවුරුවත් ළං වෙන්නේ නෑ.හොයලා බලන්න. මේ විදියට රටේ හැම තැන ම මිනිස්සු මැරෙනවා.ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නැහැ.ඔත්තු සේවාවක් හරි දාලා හොයලා බලන්න.තව දුරටත් අපිට කට වහගෙන ඉන්න බැහැ.

හැම දා ම මම වැඩට යන්නේ මෝචරිය ගාව,මේ මෝචරිය ගාවින් එනකොට,මොචරියේ හැම දා ම මිනිස්සු මැරෙනවා.මැරි මැරි වළලනවා.මේක පෙන්නේ නැද්ද? මම කතා කරන්නේ දන්න එක්ක.වහා ම අපේ රටේ මිනිස්සු මැරෙන එක වළක්වන්න.”

Source – මව්බිම