තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට

330

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වෙලේවත්තේ සම්පත් වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ,අත්අඩංගුවට ගත් සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධ කරුවෙකු වන කුඩු රොෂාන් නමැත්තාගේ සමීපතමයෙකු බවයි.

සැකකරු සතුව තිබි හෙ/:රොයින් ගෑම් 5 යි මිලිගෑම් 600 ක් සැකකරු සන්තකයේ තිබි සොයා ගත් බවයි පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.