තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

227

කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාමනිලධාරී වසම් 08ක් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්කේන,හීරලුගෙදර,ගම්පහ කලුඅග්ගල,මිනුවන්ගොඩ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාමසේවා වසම් හුදෙකලා කරනු ඇති.

කළුතර මිගහතැන්න,මිරිස්වත්ත,පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම්ද මෙලෙස හුදෙකලා කෙරෙනවා.

ත්‍රිකුණාමලය පුම්පුහර් සහ දඹුල්ල ආර්ථික

මධ්‍යස්ථානය ද නැවත දැනුම් දෙන තුරු සංචරණ සීමා පනවා හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ.