තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

173

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදාම්පේ ග්‍රාම නිලධාරී වසම් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අනුව අද දිනයේ තුලදී දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ග්‍රාමසේවා වසම් 10ක් හුදෙකලා කෙරුණා.

එමෙන්ම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ 892ක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 102,271කි.